වේලඉල්ල පට්ටතාරි (vip) චිත්‍රපටය ගැන තමා කියන්න යන්නෙ. මේකෙ සිංහල තේරුම තමා රැකියා විරහිත උපාධිධාරීන් කියන එක. මේක අයිති වෙන්නෙ ...

Home » , » වේලඉල්ල පට්ටතාරි (vip) 2014

වේලඉල්ල පට්ටතාරි (vip) 2014



වේලඉල්ල පට්ටතාරි (vip) චිත්‍රපටය ගැන තමා කියන්න යන්නෙ. මේකෙ සිංහල තේරුම තමා රැකියා විරහිත උපාධිධාරීන් කියන එක. මේක අයිති වෙන්නෙ නාටයමය හා හාස්‍යජනක ගනයට. ඒ වගේම තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය වගේම තිරපිටපතත් කරල තියෙන්නෙ velraj විසිනුයි. මේකෙ ප්‍රධාන චරිත දෙක රගදක්වන්නෙ සුපිරි නළු ධනුෂ් සමග සුරීපි නිළි අමාල පාවුල්. ඊට අමතරව වලි විවේක්, සාරන්‍යා පොන්නාවන්, සමුත්‍රිකානි සහ සුර්බි සහය නළුනිළියන් විදියට රංගනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටයේ කියවෙන්නෙ අවුරුදු හතරක් රැකියා විරහිතව ඉන්න උපාධිධාරියෙක් රැකියාවක් හොයාගැනීමට අනේක විද බාධක පසුකර ඉදිරියට යන ආකාරයයි. 2013 අගෝස්තු මාසයේදී මෙහි පටිගත කිරීම් ආරම්බ වුන අතර 2014 මැයි මාසෙදි මෙය තිරගත කරනු ලැබුවා. මේ චිත්‍රපටය තිරගත වූ ආරම්බක සති අන්තයේ මිලියන  ₹ 190.8 ක ආදායමකුත් අවාසානය වන විට ලොව පුරා ප්‍රදර්ශනයෙන්  මිලියන  ₹530 අදායමකුත් උපයගන්න සමත් වෙලා තියෙනවා.


කතාව ගලාගෙන යන්නෙ කොහොමද?

රගුවරන් සිවිල් ඉංජිනේරු උපාධිධාරියෙක් වුනාට අවුරුදු හතරක් තිස්සෙම රස්සාවක් නෑ. ඔහු ඒ අංශයෙන් පිට රස්සාවකට කැමති වෙන්නෙත් නෑ. ඒ වගේම ඔහු තමන්ගෙ පියා එක්ක වගකීම් විරහිතව තමා කටයුතු කරන්නෙ. ඔහුගේ බාල සොහොයුරා වන කාර්තික් තොරතුරු තාක්ශන රැකියාවක් කරගෙන හොද පඩියක් ගන්නවා තාත්තගෙ හොද නමත් දිනාගෙන. කොහොම වුනත් රගුවරන්ගෙ අම්මා රගුවරන්ට සහය වෙනව.  අසල්වැසි ගෙදරක ඉන්න ශලනියි රගුවරනුයි දෙන්නම මුලදි වෛරෙන් හිටියත් පස්සෙ ඒක ආදරේකට පෙරලෙනව. ඊට පස්සෙ එක එක සිද්දි ගනනාවක් ඔස්සෙ මේ චිත්‍රපටය ලස්සනට ගලාගෙන යනවා හිනාවෙන්න වගේම සමහර හැගීම්බර අවස්තාවනුත් මෙහි හොදින් නිරූපනය කරල තියෙනව. ඒ වගේම සහතික වෙනව වේලඉල්ල පට්ටධාරි ඔබව රස සයුරේ ගිල්වන බවට....😉✌️

0 comments:

Post a Comment

GENRES

Facebook

Total Pageviews

Popular Posts

Find us on facebook

Powered by Blogger.

Sponsor

ads

Popular Posts