ඔයා දමිළ සිනමා රසිකයෙක් නම් දන්නව ඇති මේ නම "ධනුශ්" , ඔව් අර කෙට්ටු ඇගක් තියෙන හාදයා තමයි. ඒ තරමටම ලස්සනකුත්  නෑ. හැබැයි ඒ...

Home » » කොලිවුඩයේ සුපිරි තරුව ධනුෂ්

කොලිවුඩයේ සුපිරි තරුව ධනුෂ්




ඔයා දමිළ සිනමා රසිකයෙක් නම් දන්නව ඇති මේ නම "ධනුශ්" , ඔව් අර කෙට්ටු ඇගක් තියෙන හාදයා තමයි. ඒ තරමටම ලස්සනකුත්  නෑ. හැබැයි ඒවා එකක් වත් බාදාවක් වුන් නෑ මෙයාගෙ ගමනට. ඔහු අද කොලිවුඩයේ සුපිරි තරුවක්. ඒ වගේම සම්මානනීය නලුවෙක්. ජනප්‍රියත්වයට නොදෙවෙනි විශිශ්ඨත්වක්  පෙන්වන  නලුවෙකු බව සාක්ෂි දරන්නේ ඒ සම්මාන තමයි. 

ධනුශ්ගේ පළවෙනි ෆිල්ම් එක වෙන්නේ එයාගේ තාත්තා ඒ කියන්නෙ කස්තුරි රාජා 2002 අවුරුද්දෙදි ඉදිරිපත් කරපු තුලුවදෝ ඉල්ලමයි චිත්‍රපටය. ඒ ඉදල මේ වෙනකන් ධනුශ් චිත්‍රපට 25ට වැඩිය රංගනයෙන් දායක වෙලා තියෙනව.58 වෙනි ජාතික චිත්‍රපට සම්මාන උලෙළේදී ධනුශ් ආඩුකලාම්(2010) චිත්‍රපටයෙ  රංගනය වෙනුවෙන් හොදම නළුවා සම්මානයෙන් පිදුම් ලබනව.
2011 දී ධනුශ් ගායනා කරපු "වයි දිස් කොලවරි...." ගීතය අතිශය ජනප්‍රිය වුනා. ඉන්දියාවෙ  වීඩියොවක්  යූ ටියුබ් එකේ මිලියන 100ක විව්ස් ඉක්මවූ පළවෙනි වීඩීයෝව වුනෙත් ඒ වීඩියො පටයයි.ධනුශ් ඔහුගේ නිෂ්පාදන සමාගම වන Wunderbar films යටතේ චිත්‍රපට නිෂ්පාදනයේද යෙදෙනව. ඒ වගේම ජාතික චිත්‍රපට සම්මාන 3ක් වගේම ෆිල්ම් ෆෙයා සම්මාන 7කුත් ඔහු සතුයි.  ඔහුගේ රංගන කුසලතාව ජනප්‍රියත්වයට  නොදෙවෙනි බවනම් අවිවාදයෙන්ම පිලිගන්න ඕන.


ධනුශ්ගෙ පියා වෙන්නේ චිත්‍රපට අධ්‍යක්ෂක හා නිෂ්පාදක කස්තුරි රාජායි. ධනුශ් විවාහ වුනේ සුපිරි නළු රැජිනි කාන්ත්ගේ දියණිය වෙන අයිශ්වර්යා එක්ක 2004 අවුරුද්දෙදි. ඒ දෙපලට දාව  පුත්තු දෙදෙනෙක් පිළිවෙලින් 2006 හා 2010 යන අවුරුදු වලදි ඉපදුනා.  ඒ පුත්තු දෙන්නගෙ නම තමයි yatra සහ linga. ධනුශ් කලාතුරකින් සංගීත කටයුතුවලත් නියලෙනවා.

රංගනයට අමතරව ධනුශ් සමාජයේ නොයෙක් වැඩ වලට එකතු වෙනව දකින්න පුලුවන්. ඔහු මිහිකත සමුලුව,  wwf එකට සහයෝගය දුන්නා.

ඒ වගේම center fresh බබල් ගම් වල වෙළද තානපති වශයෙන් අත්සන් තැබුවා. පවර් පාන්ඩි චිත්‍රපටය ධනුශ්ගේ අධ්‍යක්ෂණයක්. ධනුශ් ගැන තතු ටිකක් තමා මේ කිව්වෙ. විශිශ්ඨත්වයට බාහිර සාධක වලට වඩා තම ඇතුලාන්තයෙන් එන දක්ශතාව බලපාන බව ධනුශ් දිහා බැලුවම අපිට කියන්න පුලුවන්...

0 comments:

Post a Comment

GENRES

Facebook

Total Pageviews

Popular Posts

Find us on facebook

Powered by Blogger.

Sponsor

ads

Popular Posts